Saturday, September 14, 2024

ශ්‍රී ලංකාවේ නාය යෑම්

 නාය යෑමක්‌ යනු 

ප්‍රධාන ස්වාභාවික ආපදාවක් ලෙස නාය යෑම් හැඳින්විය හැකිය. ඒ අනුව නාය යෑමක් යනු පෘථිවියේ යම් ප්‍රදේශයක මැටි, රොන්මඩ, වැලි , බොරළු ගල් සහිත පස් තට්ටුවක් ඉහළ ස්ථානයක සිට පහළ ස්ථානයකට පොළොවේ ක්‍රියාත්මක වන ගුරුත්වාකර්ෂණ බලයේ ආධාරයෙන් ගලා යාමයි.(බහු කර්තෘ, 2017: පි.52) 


නාය යෑම්වලට බලපාන සාධක 

නාය යෑම්වලට බලපාන සාධක ප්‍රධාන වශයෙන් මානුෂ හා ස්වභාවික හේතු ලෙස වර්ග කෙරේ.  

ස්වාභාවික හේතු,

  1. වර්ෂාපතන තිව්‍රතාව.
  2. භූමිකම්පා.
  3. පාෂාණවල ස්වභාවය. 
  4. බෑවුම් අනුක්‍රමණය.
  5. භූ විද්‍යාත්මක තත්ත්වය.
  6. පාංශු හා භූගත ජලය. 
  7. පාෂාණ ජීර්ණය.


මානුෂ ක්‍රියාකාරකම්,

  1. අවිධිමත් ඉඩම් පරිහරණය.
  2. ස්වාභාවික ජල මාර්ග අවහිර කිරීම. 
  3. උස් බිම්වල ජලය රැඳවීම.
  4. වනාන්තර විනාශ කිරීම. 
  5. පතල් කැණීම. 
  6. පිපිරවීම මගින්. 

 නාය යෑම්වල ප්‍රතිඵල
  1. යටිතල පහසුකම් විනාශ වීම. 
  2. ජල වහනය හා ජලාපවහන බිද වැටීම නිසා පානීය ජලය හිඟ වීම. 
  3. ජල ගැලීම් ඇති වීම. 
  4. වනාන්තර විනාශ වීම.
  5. පාංශු වියූහය වෙනස් වීම. 
  6. භූ දර්ශනයේ ස්වභාවය වෙනස් වීම. නව ජල උල්පත් නිර්මාණය වීම.
  7. නිවාස දේපළවිනාශ වීම.
  8. කෘෂිකාර්මිකබිම් විනාශ වීම. 

නායයෑම් වළක්වා ගැනීම
  1. කඳුකර පෙදෙස් හෙළිකර ඒවායේ ගොඩනැගිලි ඉදි කිරීම හෝ වගා කටයුතු නොකිරීම. 
  2. සාමෝච්ච රේඛා ආකාරයට වගා කටයුතු සිදු කිරීම. 
  3. ජලය ගලා යාමට කාණු පද්ධති කැපීම.
  4. වනාන්තර ගිනි තැබීමෙන් වැළකී සිටීම. 
  5. ගස් සිටුවීම. 
  6. ගල් වැටි ඉදි කිරීම. 
  7. ආරක්ෂක බැමි ඉදි කිරීම.
  8. භූ විද්‍යාත්මකව අස්ථාවර ප්‍රදේශවල හා ස්ථානවල හෝ පැරණි නාය යෑම් සිදු වූ ස්ථානවල නිවාස හෝ ගොඩනැගිලි ඉදි කිරීමෙන් වැළකීම. 
ශ්‍රී ලංකාවේ නාය යෑම් සඳහා උදාහරණ
  • 1982.12.09 දින මාතලේ පිටකන්ද නාය යෑම.
  • 1982.06.08 දින රත්නපුරේ පතුල්පාන නාය යෑම.
  • 1986.01.06 මතුරට කැටයාපතන නාය යෑම.
  • 1989.06.03 බුලත්කොහු පිටියේ බඹරගල නාය යෑම.
  • 1992.06.03 වටවල දුම්රිය මාර්ගයේ නාය යෑම.
  • 1997.11.19 කොස්ලන්දෙ නාකැටිය  නාය යෑම.
  • 2002.10.05 බෙලිහුල්ඔය පුවක් ගහවෙල නාය යෑම.




මේ පිළිබඳව තොරතුරු ලබා ගත හැකි අනෙකුත් සබැඳියන් 

  • https://www.nbro.gov.lk/index.php?option=com_content&view=article&id=172:2018-10-18-05-49-36&catid=8&Itemid=190&lang=si

  • https://thathu.com/2014/10/31/%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA-%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A-%E0%B6%87%E0%B6%BA%E0%B7%92-%E0%B6%B7%E0%B7%96-%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%AD/

  • https://www.lankadeepa.lk/features/%E0%B6%B1%E0%B6%BA-%E0%B6%BA%E0%B6%B8%E0%B6%9A-%E0%B7%83%E0%B6%AF-%E0%B7%80%E0%B6%B1%E0%B6%B1-%E0%B6%B8%E0%B7%84%E0%B6%B8%E0%B6%BA/2-27339
University of peradeniya 
A/20/173
E.J.W.M.P.G Niluka kumari ekanayaka 


ශ්‍රී ලංකාවේ නාය යෑම්

  නාය යෑමක්‌ යනු   ප්‍රධාන ස්වාභාවික ආපදාවක් ලෙස නාය යෑම් හැඳින්විය හැකිය. ඒ අනුව නාය යෑමක් යනු පෘථිවියේ යම් ප්‍රදේශයක මැටි, රොන්මඩ, වැලි ...